ඉන්දීය නාවික හමුදාවට රුපියල් කෝටි 70,000 වටිනා සබ්මැරීන

ඉන්දියානු හමුදාව වෙනුවෙන් නවීන සබ්මැරීන හයක් ඉදිකිරීම සඳහා ජර්මනිය සමඟ සිදුකිරීමට නියමිත ඉන්දීය රුපියල් කෝටි 70,000ක් පමණ වටිනා ගනුදෙනුව සම්බන්ධ යෝජනාව ඉදිරි දිනවලදී ඉන්දියාවේ ආරක්ෂක කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නාවික හමුදාව වෙනුවෙන් ඇරැඹිිප්රොජෙක්ට් 75 (I)’ මුලපිරීම යටතේ මෙම සබ්මැරීන හය ඉදිකිරීමට නියමිතය.
මුම්බායිහි පිහිටි මැසගොන් ඩොක් ෂිප්බිල්ඩර්ස් සහ ජර්මනියේ තයිසන්ක්රප් මැරීන් සිස්ටම්ස් සමාගම් එක්ව මෙම නවීන සබ්මැරින් හය ඉදිකිරීමට නියමිත බව සඳහන් වේ.
මෙම ව්‍යාපෘතිය වසර ගණනක් ප්‍රමාද වී ඇති ව්‍යාපෘතියක් වන අතර එයට හේතුව වසර ගණනාවක් තිස්සේ සාකච්ඡා පැවතියද වාණිජ කොන්දේසි සහ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම බවද පැවැසෙයි.
ඉන්දීය ආරක්ෂක කටයුතු පිළිබඳ කැබිනට් කමිටුවේ අනුමැතිය හිමිවුවහොත් ගිවිසුම අත්සන් කර සබ්මැරීන ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකි වනු ඇතැයි වාර්තා වේ. අනුමැතිය හිමිවුවහොත් දෙපාර්ශ්වය අතර ඉතාමත් ඉක්මණින් හමුවක් සිදුවනු ඇති බවද පැවැසෙයි.
ඉන්දියානු නාවික හමුදාවේ සබ්මැරීන බළකායට දීර්ඝ කාලයක සිට තිබුණු අඩුවක් පිරවීම සඳහා මෙම ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට මෝදි රජය තීරණය කර ඇති බවද සඳහන් වේ.

