ඉන්දීය උමං මාර්ගයේ සිරවූවන් බේරගන්න සටනක්



ඉන්දියාවේ උත්තරකාන්ද් ප්‍රදේශයේ කඩා වැටුණු උමං මාර්ගයක් තුළ සිරවුණු කම්කරුවන් 40 දෙනා මුදා ගැනීමට කාලය සමඟ සටන් කිරීමට සිදුවී ඇතැයි දිවි ගලවා ගැනීමේ කණ්ඩායම් පවසයි.

කම්කරුවන් ඇතුළත සිර කරමින්, කඩා වැටුණේ, සිල්ක්යාරා සිට උත්තරකාන්ද් තෙක් ඉදි කෙරෙන කිලෝමීටර හතරහමාරක දිගකින් යුත් උමං මාර්ගයක මීටර 150 ක පමණ කොටසකි.

සිරවුණු පිරිසට පානීය ජලය සහ ඔක්සිජන් ලබා දීම නොකඩවා සිදුවෙයි. උත්තර්කාෂි සිට යමුනෝත්රි දක්වා දුර, කිලෝමීටර 26 කින් අඩුකිරීමේ අරමුණින් මෙම උමං මාර්ගය ඉදි කෙරෙමින් පැවැතිණි. උමඟ කඩා වැටුණේ පසුගිය 12 වැනිදා අලුයම 5 ට පමණය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS