ඉන්දියාවේ ‘කොවිඩ්‘ ඉහළට



‘ඔමික්‍රෝන්’ වයිරස විකෘතියේ ව්‍යාප්තියත් සමග ඉන්දියාවේ යළිත් වරක් කොරෝනා ආසාදිතයන් ඉහළ යෑමට පටන්ගෙන ඇතැයි එරට පුවත් සේවා වාර්තා කරයි.

මේ වනවිට ඉන්දියාවේ ප්‍රධාන නගරවල රෝහල් ‘කොවිඩ්19’රෝගීන්ගෙන් පිරී යෑම ද ආරම්භ වී තිබේ. ඉන්දියාවේ ‘කොවිඩ් 19‘ ආසාදිතයන් වැඩිවීඹට පටන් ගත්තේ පසුගිය දින කීපයේදීය.

අවසන් වරට මෙසේ ‘කොවිඩ් 19’ ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කළේ පසුගිය සැප්තැම්බර් මාසයේය. මේ වනවිට ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන මිලියන 34.9 කි. සමස්ත මරණ 4,82,017 කි.

ඉන්දියාවේ වැඩිම ඔමික්‍රෝන් ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවරිනි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS