ඉන්දියාවේ හිටපු ජනපති මුඛර්ජි සමුගනී

ඉන්දියාවේ හිටපු ජනාධිපතිවරයකු වන ප්රණාබ් මුඛර්ජි අභාවප්‍රාප්ත විය. ඔහුගේ වයස අවුරුදු 84 කි.
මීට සති කීපයකට පෙර, හිටපු ජනාධිපති ප්රණාබ් මුඛර්ජිගේ මොළයේ සැත්කමක් සිදු කෙරුණි. ඒ, නවදිල්ලි හමුදා රෝහලේදී ය. සැත්කම සාර්ථක වූ අතර, සුවය ලබමින් සිටිද්දී, හිටපු ජනාධිපතිවරයාට කොරෝනා ආසාදනය විය.
කොරෝනා වයිරසය හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත් වූ මුඛර්ජි රෝහල්ගත කෙරුණු අතර, ඔහු දින කීපයක් වෙන්ටිලේටර් ස්වසන උපරණයකට සම්බන්ධ කර තැබීමට වෛද්‍යවරුන්ට සිදුවිය.
කොරෝනා වයිරසය හේතුවෙන් මුඛර්ජිගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහී ගිය අතර මරණය සිදුවී ඇත්තේ පෙනහළු ආසාදනය වීමෙන් යැයි වෛද්‍යවරු පවසති.
ඉන්දීය කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන ප්රණාබ් මුඛර්ජි ඉන්දියාවේ 13 වැනි ජනාධිපතිවරයාය. දශක පහකට වැඩි කාලයක් ඉන්දියාවේ කීර්තිමත් දේශපාලනඥයකු වූ මුඛර්ජි උපත ලැබුවේ 1935 වසරේ දෙසැම්බර් 11 වැනිදාය. ඔහු ජනපති ධුරය හෙබවූයේ 2012 සිට 2017 තෙක් කාලයේය. මුඛර්ජි, භාරත් රත්න සහ පද්ම විභූෂන් යන ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූවෙකි.
හිටපු ජනාධිපති මුඛර්ජිගේ අභාවය සැලවීමෙන් තමන් කම්පනයට පත්වුණු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධි සොව පළ කර තිබේ.
හිටපු ජනාධිපතිගේ අභාවය නිමිත්තෙන් දින 7 ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කෙරුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
නවදිල්ලියේදීය (රොයිටර්)

