ඉන්දියාවේ වාහන 48 ක් එකපොදියට හැපිලා



ඉන්දියාවේ පූනේ නගරයේ, නවේල් පාලමට ඉහළින් දිවෙන මාර්ගයේ වාහන 48 ක් එකිනෙක ගැටීමෙන් 30 දෙනකු තුවාල ලබා රෝහල්ගත කෙරුණි. තුවාල ලැබූ කීප දෙනකුගේ තත්ත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

වේගය පාලනය කර ගැනීමට නොහැකි වුණු ඉන්ධන බවුසරයක් මෝටර් රථ කීපයක හැපීමෙන් මෙම අනතුර සිදුවිය.

අනතුරින් කුඩා මෝටර් රථ කීපයක් පොඩි පට්ටම් වී ගිය අතර, ඒවා තුළ සිරවුණු පිරිස් මුදා ගැනීමට පූනේ ගිනි නිවන භටයෝ යුහුසුළු වූහ.

ගිනි නිවන භටයන්ට පූනේ නගර සංවර්ධණ අධිකාරියේ නිලධාරීන්ගේත් පොලිසියේත් සහාය හිමිවිය.

අනතුරත් සමඟ මුම්බායි නුවර බලා යන ප්‍රධාන මාර්ග රැසක් මුළුමනින්ම අවහිර වූ බවත් කිලෝ මීටර් දෙකක් හෝ තුනක් දිගට වාහන තදබද දකින්න ලැබුණු බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය කාලය පුරාවට පූනේ නගරයේ, නවේල් පාලමට ඉහළින් දිවෙන මාර්ගයෙ රිය අනතුරු බහුලව සිදුවුණු බව පොලිසිය පවසයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS