ඉන්දියාවේ නම වෙනස් කිරීම විහිළුවක්



‘ඉන්දියා’ යන නම වෙනස් කරමින්, ඉන්දියාව, ‘භාරතය’ යන නමින් හැඳින්වීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගන්නා උත්සාහය ‘විහිළුවක්’ යැයි එරට විපක්ෂ නායක රාහුල් ගාන්ධි පෙන්වා දෙයි.

‘රටේ නම වෙනස් කරන්න මෝදි අග්‍රාමාත්‍යතුමාට අවශ්‍ය වී තිබෙනවා. ඒක මහ විහිළුවක්.’ යැයි ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන ‘කොංග්‍රස්’ පක්ෂයට නායකත්වය දෙන රාහුල් ගාන්ධි මාධ්‍ය හමුවේ පැහැදිලි කළේ යුරෝපා සංචාරයක නියැලී සිටින අතරතුරේය.

‘ජී20’ රාජ්‍ය නායක සමුළුවේදී ද අග්‍රාමාත්‍ය මෝදි,  ‘ඉන්දියා’ යන නම වෙනස් කරමින්, ඉන්දියාව, ‘භාරතය’ යන නමින් හැඳින්වීමට තීරණය කළේ යැයි ලෝක නායකයන් සමඟ සාකච්ඡා කර තිබේ. රාහුල් ගාන්ධි සිය අදහස් පළ කළේ මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදීය.


RECOMMEND POSTS