ඉන්දියාවේ ගෑස් කාන්දුවක්

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස තර්ජන මැද දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ විශාඛාපට්නම් නගරයේ සිදුවුණු ගෑස් කාන්දුවක් හේතුවෙන් අට දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. රෝගී වූ 124 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඉන්දීය පුවත් සේවා වර්තා කළේය.
ගෑස් කාන්දු වී ඇත්තේ ‘එල් ජී පොලිමර්’ ගෑස් කම්හලෙනි. මෙම කම්හල පිහිටා ඇත්තේ විශාඛාපට්නම් නගරයේය. රෝහල් ගත කර ඇත්තේ ඇස් රතුවීම, කඳුළු ගැලීම, ස්වසන අපහසුතා ආදී රෝග ලක්ෂණ නිසාය.
ගෑස් කාන්දුව ආරම්භ වී ඇත්තේ ඊයේ (6) සවස 3 ට පමණය. කම්හලේ බලධාරීන්ගේ සහ සේවකයන්ගේ නොසැලකිල්ල නිසා ගෑස් කාන්දුව සිදුවුණැයි පොලිස් පරීක්ෂණවලින් මේ වනවිට තහවුරු වී තිබේ.
මර්තු 24 වැනිදා සිට ඉන්දියාව ලොක්ඩවුන් කළ අවස්ථාවේ මෙම ගෑස් කම්හලේ සේවා ද නැවැතුනු අතර ලෝක්ඩවුන් තහංචි ලිහිල් කිරීමෙන් පසු කම්හලේ කටයුතු පසුගිය දා යළි ඇරැඹුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැති ගෞතම් රෙඞ්ඩි පවසා ඇත්තේ, ලොක්ඩවුන් තහංචි ඉවත් කිරීමෙන් පසු කම්හල යළි වවෘත කළ අවස්ථාවේදී, නිසි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් ගෑස් කාන්දුව සිදුවී ඇති බවය. රෝහල් ගත කළ පිරිස අතර කුඩා දරුවෝ බොහෝ දෙනෙක් සිටිති.
විශාඛාපට්නම්හිදීය (රොයිටර්)

