ඉන්දියාවේ කම්හලක ගින්නක්
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර කර්මාන්තශාලාවක හටගත් ගින්නකට එහි සේවකයෝ 35 දෙනෙක් බිලිවූහ.
කර්මාන්ත ශාලා ගොඩනැගිල්ලේ සය වැනි මහලේ ගින්න හටගත් බව පැවැසෙයි. ඒ අලුයම පහට පමණය. කම්හලේ සේවකයන් සය වැනි මහලේ නේවාසිකාගාරයේ නිදාගෙන සිටිද්දී ගින්නට හමුවුණු බව පැවැසෙයි.
ගින්න නිවා දැමීමට ගිනි නිවන ට්රක් රථ 30 ක් පැමිණ ඇත. ගිනි නිවන හමුදා භටයෝ මැදිහත් වී, සේවකයන් 25 දෙනකු පමණ මුදා ගත්හ. පිළිස්සුම් තුවාල ලබා, දුම් ආඝ්රාණය වී සිටි පිරිස් කඩිනමින් රෝහල් කරාගෙන යෑමට පොලිසිය පියවර ගත් බව ද වාර්තාවේ.
(එන්.ඩී.ටීවී.)

