ඉන්දියාවේ එන්නතට නේපාලයේ අනුමැතිය

'කොවිඩ් 19' හෙවත්, නව කොරෝනා ආසාදනය වැළැක්වීමට ඉන්දීය විද්‍යාඥයන් ඉන්දීය තාක්ෂණය යොදා නිර්මාණය කළ 'කොවැක්සින්' නමැති ප්‍රතිශක්තිකරණ එන්නතට නේපාලයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබේ.
නේපාල ජාතික ඖෂධ නියාමන අධිකාරිය 'කොවැක්සින්' එන්නතට අනුමැතිය දී ඇත්තේ එය හදිසි භාවිතයට යොදා ගැනීමට හැකි බව පෙන්වා දෙමිනි. ඒ අනුව, ඉදිරියේ දී 'කොවැක්සින්' එන්නත් නේපාලය ලබා ගැනීමට සූදානම් බව ද පැවැසෙයි.
'කොවැක්සින්' යනු ඉන්දියාවේ 'භාරත් බයෝටෙක්' ඖෂධ නිෂ්පාදන සමාගම නිපදවූ කොරෝනා වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නතය. මෙය මාත්‍රා දෙකකි. මේවනවිට ඉන්දියානුවන් බොහෝ දෙනකුට මෙම එන්නත ලබා දී තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු මැති ඇමැතිවරුන් බොහෝ දෙනකු ලබා ගෙන ඇත්තේ මෙම 'කොවැක්සින්' එන්නතය. 'භාරත් බයෝටෙක්' සමාගම, මෙම එන්නත නිපදවා ඇත්තේ, ඉන්දීය මධ්‍යම රජයේත්, සෞඛ්‍ය අමත්‍යාංශයේත් අනුග්‍රහය මධ්‍යයේය.
'කොවැක්සින්' එන්නතට විදෙශයකින් අනුමැතිය හිමිවුණු තෙවැනි අවස්ථාය වන්නේ ද මෙයයි. මීට අමතරව, නේපාලයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය, චීනය නිෂ්පාදනය කර ඇති 'සිනොෆාර්ම්' ප්‍රතිශක්තිකරණ එන්නතට ද අනුමැතිය ලබා දී අවසන් බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
පසුගිය ජනවාරියේ, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ 'වැක්සින් මෛත්‍රී' එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වෙද්දී, 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත් මාත්‍රා මිලියනයක් නේපාලයට ප්රදානය කෙරුණි.
නේපාල රජය ඉන්පසු, තවත් 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත් මාත්‍රා මිලියන දෙකක් ඉන්දියාවෙන් මිලදී ගැනීමට ඇණවුම් කර ඇති බව ද පැවැසෙයි. 'කොවැක්සින්' සහ 'සිනොෆාර්ම්' එන්නත් ද මිලදී ගැනීමට නේපාලයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා දී ඇත්තේ ඊට අමතරවය.
'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා කොවිෂීල්ඩ්' එන්නත නිපදවීම සිදුවන්නේ ඉන්දියාවේ පූනේ නුවර සේරම් ඔ!ෂධ නිෂ්පාදන සමාගම හරහාය. මෙම සමාගම ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ එක් වී එන්නත් නිපදවීම සිදු කරයි.
කත්මණ්ඩුහිදීය (ඒ.එෆ්.පී.)

