ඉන්දියාවේ ආසාදිතයෝ කෝටියක්



ඉන්දියාවේ ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන කෝටිය ඉක්මවූ බව එරට සෞඛ්‍ය අංශ නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ගතවුණු පැය 24 ඇතුළත හඳුනා ගත් නව ආසාදිතයන් ගණන 26,991ක් විය. ඒ අනුව, සමස්ත ආසාදිතයන් ගණන 10,004,825 ක් දක්වා ඉහළ ගියේය. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 1,45,171 ක් බව ද පැවැසෙයි.

ලෝකයේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් වැඩියෙන් වාර්තා වන දෙවැනි රට වන්නේත්, ‘කොවිඩ් 19’ ආසාදිතයන් කෝටිය ඉක්මවූ දෙවැනි රට වන්නේත් ඉන්දියාවය.

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහි ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීම ලබන ජනවාරියේ සිට ආරම්භ කරන බව ඉන්දීය මධ්‍යම රජය පවසා ඇත. ලබන වසරේ අගෝස්තු මාසය වනවිට ඉන්දියානුවන් මිලියන 300 කට එන්නත් ලබා දීමට රජය බලාපොරොත්තු වන බව ද පැවැසෙයි.

නවදිල්ලියේදීය (රොයිටර්)


RECOMMEND POSTS