ඉන්දියාවේ අවුරුදු 15ත් 18ත් දරුවන්ට එන්නත් දීම ඇරැඹේ



ඉන්දියාවේ අවුරුදු 15 ත් 18 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම ආරම්භ විය.

මේ වනවිට ඉන්දියාව පුරා එන්නත් මධ්‍යස්ථාන 1,426 ක් ක්‍රියාත්මක වන අතර, එයින් මධ්‍යස්ථාන 551 ක් දරුවන් සඳහා විශේෂයෙන් වෙන් කර ඇති බව සෞඛ්‍ය අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඉන්දියාවේ අවුරුදු 15 ත් 18 ත් වයස් කාණ්ඩයේ දරුවෝ ලක්ෂ 15 ක් එන්නත් ලබා ගැනීමට සුදුසුකම් ලබා සිටිති.

ඉන්දියාවේ දරුවන් වෙනුවෙන් එන්නත් වර්ග කීපයකි. කැමැති එන්නතක් තෝරා ගැනීමට හැකියාව තිබේ. ඒ අතර, ලොව පළමු ඩී.එන්.ඒ. වර්ගයේ එන්නත සහ සියයට සියයක් ඉන්දීය තාක්ෂණයෙන් නිපදවන ‘භාරත් බයෝටෙක්’ සමාගමේ ‘කොවැක්සින්’ එන්නත තිබේ.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS