ඉන්දියාවේ අරුණාචල් ප්‍රාන්තයට භූමි කම්පාවක්



ඉන්දියාවේ අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ වෙස්ට් සියැංග් දිස්ත්‍රික්කය භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.7 ක් ලෙසය.

අරුණාචල් ප්‍රාදේශ් ප්‍රාන්තය පිහිටා ඇත්තේ හිමාල අඩවියට යාබදවය. දිම ප්‍රදේශය භූ තැටි මායිමකට ඉහළින් පිහිටා තිබේ. එහෙයින්, භූමි කම්පා හට ගැනීම සාමාන්‍ය දෙයකි.

භූමි කම්පා සම්බන්ධයෙන් අරුණාචල් වැසියන්ට නිරන්තරයෙන් අනතුරු ඇඟවීම් ද සිදු කෙරේ. භූමි කම්පාවෙන් අරුණාචල් වැසියන්ට කිසිදු අනතුරක් සිදු නොවුණු බවත් දේපොල හානි සිදු නොවුණු බවත් වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS