ඉන්දියාවෙන් සුබ පැතුම්
ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සුභාශිංසන පිරිනැමීය.
ඉන්දියාවේ අසල්වැසියා ප්‍රථමයෙන් සහ සාගර් දැක්ම තුළ ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිවන බවත් දෙරටේ ජනතාවගේ සහ සමස්ත කාලාපයේ යහපත උදෙසා දෙරට අතර ඇති බහුවිධ සහයෝගීතාවය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රකාශ කළේය.
සිය ට්විටර් ගිණුම ඔස්සේ පණිවුඩයක් තබමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුභපැතුම් පණිවුඩයට ස්තුති කළ අනුර කුමාර දිසානායක මහතා තමන්ද දෙරටේ ජනතාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට කැපවන බව ප්‍රකාශ කළේය.දෙරටේ ජනතාවටත් සමස්ත කලාපයටත් වාසිදායක වන අයුරින් හවුල්කාරිත්වය වැඩි දියුණු කර ගැනීමට එක්ව කටයුතු කළ හැකි බවද ඔහු පැවැසුවේය.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඊයේ (22) රාත්‍රියේ නව වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා මුණගැසුණු අතර එහිදී ඉන්දීය සුබ පැතුම් පණිවුඩය දිසානායක මහතා වෙත ලබා දුන්නේය.