ඉන්දියාවට සියයට 25 ක තීරුබද්දක්



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාවට සියයට 25 ක තීරු බදු පැනවීමට ගත් තීරණය සම්බන්ධයෙන්, ඉන්දියාව පවසා ඇත්තේ, ජාතික අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවය.

ඇමෙරිකාව සමඟ ඇතිකරගත් නව විස්තීරණ ආර්ථික හා වෙළෙඳ ගිවිසුම් ඇතුළු අනෙකුත් වෙ‍ළෙඳ ගිවිසුම්වලදී මෙන්ම ජාතික අවශ්‍යතා සුරක්ෂිත කිරීමට ද පියවර ගන්නා බවඉන්දීය රජය වැඩි දුරටත් පැහැදිලි කර ඇත.

ඉන්දියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25 ක තීරුබදු පැනැවීම හෙට (1) සිට ක්‍රියාත්මක වෙයි.

ඉන්දියාවට මෙසේ සියයට 25 ක තීරුබදු පැනවීම සම්බන්ධයෙන්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැහැදිලි කර ඇත්තේ, ඉන්දියාව මිතුරකු වුවත්, ඉන්දියාවේ තීරුබදු ලොව ඉහළම තීරුබදු අතරින් එකක් බැවින්, සියයට 25 ක තීරු බදු පැනවීම සිදු කළ යුතු බවය.


RECOMMEND POSTS