ඉන්දියාවට ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය දෙන්න ඕනෑ



ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වය හිමිවිය යුතු යැයි රුසියන් විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රෝෆ් අවධාරණය කර ඇත.

රුසියන් විදේශ ඇමැතිවරයා මෙසේ පවසා ඇත්තේ, රුසියාවේ ‘ටාස්’ පුවත් සේවය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් ගණන 15 කි. එයින් නිත්‍ය සාමාජිකයන් සිටින්නේ 7 දෙනකු පමණි. නිෂේධ බලය ඇත්තේ මෙම නිත්‍ය සාමාජිකයන්ටය. රුසියාව නිත්‍ය සාමාජිකයෙකි.

ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය ආදී රටවල් ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් වන නමුත් ඔවුන් නිත්‍ය සාමාජිකයන් නොවන අතර රුසියන් රජය වෙනුවෙන්, රුසියන් විදේශ අමාත්‍ය සර්ලේ ලැව්රෝෆ් පෙන්වා දී ඇත්තේ, ඉන්දියාව, දකුණු අප්‍රිකාව සහ බ්‍රසීලය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් විය යුතු බවය.

 (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS