ඉන්දියාව සුපිරි බලවතෙක්: පාකිස්තානයේ හිඟා කනවා



අසල්වැසි ඉන්දියාව සුපිරි බලවතකු වීමට සිහින දකිද්දී, ආර්ථික අර්බුදයකින් බැටකන පාකිස්තානය බංලොකොත් වී හිඟාකනවා යැයි එරට දක්ෂිණාංශික විපක්ෂ නායකයකු වන මෞලානා ෆස්ලූර් රෙහ්මාන් පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට ඇද වැටුණේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ඔහුගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ රජයේ අසාර්ථක ආර්ථික ප්‍රතිපත්ති නිසා යැයි චෝදනා එල්ල වී ඇත. 

අද පාකිස්තානය මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩයෑමට, පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීමට අපේක්ෂා කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ පාකිස්තාන රජයේ නියෝජිතයන් අතරේ ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ද පැවැත්ණි.

2008 වසරේ, අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ ඉම්රාන් ඛාන් එම ධුරයෙන් නෙරපා දැමීමට පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයටත් පාකිස්තාන ජනතා පක්ෂයටත් සහාය දැක්වූයේ මෞලානා ෆස්ලූර් රෙහ්මාන් ඔහුගේ දේශපාලන පක්ෂයයි.

පසුගිය පෙබරවාරි 8 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් පසු පාකිස්තාන මුස්ලිම් ලීගය එන් සහ පාකිස්තාන ජනතා පක්ෂය එක් වී හවුල් රජයක් පිහිටුවා ගනිද්දී, මෞලානා ෆස්ලූර් රෙහ්මාන් සහ ඔහුගේ පක්ෂය ඊට සහාය දැක්වූයේ නැත. අද එම පක්ෂය ද ඉම්රාන් ඛාන්ගේ තරීක් ඊ ඉන්සාෆ් පක්ෂය සේම විපක්ෂ දේශපාලන කණ්ඩායමකි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS