ඉන්දියාව යුක්රේනයට වෛද්‍ය ආධාර යවයි



ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ උපදෙස් පරිදි, වෛද්‍ය ආධාර රැගත් ගුවන් යානා දෙකක් යුක්රේනය බලා ගියේය.

එක් ගුවන් යානයක් යුක්රේනයේ අසල්වැසියකු වන රොමේනියාවටත්, අනෙක් ගුවන් යානය පෝලන්තයටත් ගොඩබෑමටත්, දේශසීමා හරහා ආධාර යුක්රේනයට යැවීමටත් සැලැසුම් කර තිබුණි.

යුක්රේනයත් රුසියාවත් ඉන්දියාවේ සමීප මිතුරන්ය.

යුක්රේන රුසියන් අර්බුදයේ දී ඉන්දියාව මධ්‍යස්ථව කටයුතු කරන බව පවසා ඇත. එසේ වුවත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දිගින් දිගටම රුසියාවෙන් ඉල්ලා ඇත්තේ ගැටුම් නවත්වා සාමයට කැප වන ලෙසය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS