ඉන්දියාව චීනය සාකච්ඡා කරයි



චීනය සහ ඉන්දියාව අතර පවතින දේශසීමා අර්බුද සම්බන්ධයෙන් සාකච්ඡා වටයක් බීජීං නුවරදී පැවැත්වුණු අතර, දෙරටම කියා සිටියේ එම සාකච්ඡා ඵලදායී වුණු බවය.

දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් චීන සහ ඉන්දීය බලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වූ 21 වැනි අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි. චීන සහ ඉන්දීය බලධාරීන් වෙන වෙනම නව යෝජනා හඳුන්වා දීම මෙහිදී සිදුවුණු අතර දෙපාර්ශ්වයේම කැමැත්ත ඊට හිමිවිය.

මෙවර සාකච්ඡා පැවැත්වූයේ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ චීන විදේශ ඇමැති වංග් යී අතරේ යැයි ද විදෙස් පුවත් සේවා වැඩි දුරටත් කියා සිටී.

(රොයිටර්ස්)


RECOMMEND POSTS