ඉදිරි පැය 48 තීරණාත්මකයි
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයකු යැයි තහවුරු වූ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට ඉදිරි පැය 48 ඉතා තීරණාත්මක වනු ඇතැයි වෛද්‍ය විශේෂඥයෝ බිය පළ කරති.
ජනපති ට්‍රම්ප් 74 හැවිරිදි වියෙහි පසුවන බැවින් සහ වයස්ගතවීමත් සමග ඔහුට ඇති රෝගී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, වෛද්‍යවරුන් මෙසේ බිය පළ කර ඇත.
වෝල්ටර් රීඩ් හමුදා වෛද්‍ය මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටින ඇමෙරිකන් ජනාධිපතිවරයා ද පවසා ඇත්තේ ඉදිරියේ දී සිදු කිරීමට නියමිත වෛද්‍ය පරීක්ෂණ තීරණාත්මක බවය.
ජනපති ට්‍රම්ප් ලබන නොවැම්බර් 3 වැනිදා ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිතය. ට්‍රම්ප් පවසා ඇත්තේ ඇමෙරිකාව යළි ශ්‍රේෂ්ඨ තැනක් කිරීමට තමන් ඉක්මනින් සුවය ලබා යළි රාජකාරියට පැමිණෙන බවය.
වොෂින්ටනයේදීය (රොයිටර්)

