ඉතාලියේ කොරෝනා ආසාදිතයෝ 9,172 ක්

‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියෙන් මරණ 9,172 ක් වාර්තා විය.
චීනයේ හුබෙයි පළාතේ වූහාන් නුවරින් ආරම්භ වුණු ‘කෝවිඞ් 19’ නව කොරෝනා වයිරසය මේ වනවිට ඉතාලිය ද ඇතුළු රටවල් 100 කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිර ගොස් අවසන්ය. චීනයේ වයිරස ආසාදිතයන් සහ වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව මේ වනවිට අඩුවෙමින් පවතින බව වාර්තා වේ.
චීනයෙන් පිට ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වේගයෙන් පැතිරෙන රටවල් අතර ඉදිරියෙන්ම සිටින්නේ ඉතාලියයි. ඉතාලියට අමතරව දකුණු කොරියාවෙන් කොරෝනා ආසාදිතයෝ 7,513 ක් හමුවී ඇත. දකුණු කොරියාවෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 54 කි. ඊට අමතරව ඉරානයෙන් ද කොරෝනා ආසාදිතයන් හමුවී ඇත. ඉරානයේ කොරෝනා ආසාදිතයන් ගණන 7,161 කි. ඉරානයෙන් වාර්තා වන කොරෝනා මරණ 237 කි.
‘කෝවිඞ් 19’ වයිරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ අරමුණින්, මුළු ඉතාලියම නිරෝධායනය කිරීමට (වෙන් කිරීමට) ඉතාලි අගමැති ගුසෙප්පේ කොන්තේ ප්රමුඛ රජය ගත් තීරණය හේතුවෙන් එරට වෙහෙන මිලියන 16 ක පිරිසක් පීඩාවට පත් වී සිටින බව ද පැවැසෙයි. ඉතාලිය එම නිරෝධායන ක්‍රියාවලියට යටත් කෙරුණේ පෙරේදා (9) සිටය.
අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පමණක් නිවෙස්වලින් පිටවීමටත්, ගමනාගමන කටයුතුවල යෙදීමටත් අවසර හිමිවී ඇත. වෙනත් කිසිවකුට විදෙස් සංචාරවල නියැලිය නොහැකි අතර, ඉතාලියට පැමිණීම ද විදේශිකයන්ට තහනම් කර තිබේ. ‘කෝවිඞ් 19’ කොරෝනා වයිරසය ව්‍යාප්තවීම ආරම්භ වූයේ උතුරුදිග ඉතාලියෙනි.
රෝමයේදීය (ඒ.එෆ්.පී.)

