ඉතාලියට චීනයෙන් ආධාර



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් බැට කන ඉතාලියට චීනයෙන් වෛද්‍ය ආධාර තොගයක් ලැබුණු බව වාර්තා වේ. මුහුණු ආවරණ, ශ්වසන උපාංග තොගයක් ඒ අතර විය.

චීනයේ ‘කෝවිඞ් 19’ කොරෝනා වයිරසයේ අඩුවක් පෙන්නුම් කරද්දී, ඉතාලියේ කෝවිඞ් 19 වයිරසය දරුණු ලෙස පැතිර යයි. ඉතාලියෙන් කොරෝනා වයිරස ආසාදිතයන් හමුවීම ආරම්භ වූයේ පසුගිය පෙබරවාරි 21 වැනිදායින් පසුවය.

ඉතාලියේ වයිරස ආසාදිතයන් ගණන 17,660 කි. ඉතාලියෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව අද (14) වනවිට 1,266 දක්වා ඉහළ ගොස් ඇත. වයිරස ආසදිතයන්ගෙන් ඉතාලියේ රෝහල් රැසක් පිරී ගොස් ඇති අතර ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් නොමැති බව ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS