ඉතාලි දූපතක ගිනි කන්දක් පිපිරේ

ඉතාලියට අයත් ස්ට්‍රොම්බෝලී නමැති කුඩා දූපතේප පිහිටි යමහලක් සක්‍රීය වී පුපුරා යෑමට පටන් නෙ ඇත.
යමහලෙන් විසිවී ආ ලාවා ගුලියක් වැදීමෙන් එක් අයෙක් ජීවිතක්ෂයට පත් වුණු බව ද වාර්තා වේ.
ස්ට්‍රොම්බෝලී සංචාරක ආතර්ශණයකි. කඳු නගින්නන් අතරේ දූපතේ ඇති යමහල් කඳු ප්‍රචලිතය.
මියගොස් ඇත්තේ ද කඳු නගින්න ආ අයෙකි. යමහල පුපුරා යද්දී දූපතේ සිටි සංචාරකයන් මහත් සේ බියට පත් වුණු බව ද පැවැසෙයි.
ඉතාලි වෙරළාරක්ෂක නිලධාරීහු වහා මැදිහත් වී දූපතේ සිටි සංචාරකයන් 70 දෙනකු බේරා ගත්හ. ස්ට්‍රොම්බෝලී දූපතේ මෙම යමහල සක්‍රීය වූයේ 1932 වසරින් පසුවය.
(රොයිටර්ස්)

