ඉතාලි ගිය කොරෝනා චීනයට වඩා දරුණුයි



චීනයේ පැතිරුණු ආකාරයට වඩා ඉතා දරුණු ආකාරයට, ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ඉතාලියේ පැතිර යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළේය.

මේ වනවිට ඉතාලියෙන් හමුවුණු ‘කෝවිඞ් 19’ ආසාදිතයන් ගණන 10,000 පසු කර ඇත. ඉතාලි සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කළේ වයිරස ආසාදිතයන් ගණන 10,149 ක් දක්වා ඉහළ ගිය බවය. ඉතාලියෙන් වාර්තා වන කෝවිඞ් මරණ සංඛ්‍යාව 631 කි.

වයිරසය ව්‍යාප්තවීම පාලනය කිරීමේ අරමුණින්, මුළු ඉතාලියම නිරෝධායනය කිරීමට (වෙන් කිරීමට) ඉතාලි අගමැති ගුසෙප්පේ කොන්තේ ප්‍රමුඛ රජය ගත් තීරණය හේතුවෙන් එරට වෙසෙන මිලියන 16 ක් පමණ වැසියෝ මහත් සේ පීඩාවට පත් වී සිටිති. අත්‍යවශ්‍ය රාජකාරියකට හැර නිවෙස්වලින් පිටවීම හෝ නගරයකින් නගරයකට යෑමප තහනම් යැයි පැවැසෙයි.

රෝමයේදීය (රොයිටර්)


RECOMMEND POSTS