ඇෆ්ගනිස්තානයේ හිම කඳු නායයෑමක්



නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ ගම්මානයක් හිම කඳු නායයෑමකට ලක්වීමෙන් කාන්තාවන් සහ කුඩා දරුවන් ද ඇතුළු 50 දෙනකු පණ පිටින් වැළැලී ගිය බව එරට පුවත් සේවා වාර්තා කරයි.

හිම කඳු නායයෑමට ලක්වූයේ නුරිස්තාන් පළාතේ බාර්ග් ඊ මාතාල් දිස්ත්‍රික්කයේ පිහිටි ‘හෆ්සි’ නමැති හුදෙකලා ගම්මානයයි. ගම්මානය පිහිටා ඇත්තේ හිම කඳු වළල්ලක් පාමුල යැයි වාර්තා වේ.

නුරිස්තාන් ආණ්ඩුකාර මොහොමද් ඔමාර් මොහොමදී පැවැසුවේ ගම්මානය හිමෙන් වැසී ගිය බව ආරංචි වීමත් සමඟ දිවි ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකවුණු බවය.

හිම තට්ටු ඉවත් කරද්දී පනස් දෙනකුගේ මළසිරුරු හමුවුණු බවත්, බොහෝ දෙනකු හිම තට්ටු අතරේ සිරවී සිටින බවත් සහන සේවකයෝ පවසති. අයහපත් සීත කාලගුණය දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වලට බාධාවක් වී ඇතැයි ද වාර්තා වේ.

 

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS