ඇෆ්ගනිස්තානයේ බෝම්බයක් පිපිරේ



ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර සිදුවුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් ඇෆ්ගන් බුද්ධි අංශ නිලධාරීන් පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තවත් නිලධාරීන් සය දෙනෙක් තුවාල ලැබූහ.

බුද්ධි අංශ නිලධාරීන් ගමන් කළ රථ පෙරහරක් ඉලක්ක කර ගනිමින් තමන් ප්‍රහාරය එල්ල කළ බව ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන ඇෆ්ගන් තලේබාන් ත්‍රස්ත සංවිධානය කියයි. බෝම්බ ප්‍රහාරය සිදුවූයේ අද අලුයම 5 ට පමණය.

බුද්ධි අංශ නිලධාරීන්ට අමතරව බෝම්බ ප්‍රහාරයට හසුවීමෙන් එක් සිවිල් වැසියෙක් ද මියගියේය. තවත් සිවිල් වැසියන් දෙදෙනකු ද තුවාල ලබා රෝහල් ගත කළේ යැයි වාර්තා විය.

(රොයිටර්)


RECOMMEND POSTS