ඇෆ්ගන් හමුදා රෝහලට ත්‍රස්තයෝ කඩා වදිති

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර හමුදා රෝහලට අද (8) උදෑසන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය.
මේ වනවිටත් ‘සදාර් දවුද්’ රෝහලට කඩා වැදුණු එම ත්‍රස්තවාදීන් සහ රෝහල් සංකීර්ණය වට කළ ඇෆ්ගන් සෙබළුන් අතරේ දරුණු අවි ගැටුම් පැවැත්වෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කර ඇත.
ත්‍රස්තයන් වෛද්‍යවරුන් ලෙස වෙස්වලාගෙන රෝහලට ඇතුළු වී ඇත. ඔවුන් තලේබාන් ත්‍රස්තවාදීන් යැයි අනුමාන කෙරේ.
ත්‍රස්තවාදීන් අතර මරාගෙන මැරෙන බෝම්බකරුවන් ද සිටින බව වාර්තා වේ. රෝහල තුළින් පිපිරීම් කිහිපයක් ද වාර්තා විය.
‘සදාර් දවුද්’ හමුදා රෝහල පිහිටා ඇත්තේ ඇමෙරිකන් තානාපති කාර්යාලයට කිලෝ මීටර් 400 ක් දුරිනි.
බී.බී.සී.

