ඇෆ්ගන් භූමි කම්පාවෙන් 300 ක් මරුට



ප‍්‍රබල භූමි කම්පාවකින් ඇෆ්ගනිස්තානයේ  300 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 200 කට ආසන්නය. භූමි කම්පාවේ ප‍්‍රබලත්වය අසල්වැසි පාකිස්තානයට ද දැණුනු බව මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

රෝහල් ආරංචි මාර්ග පවසා ඇත්තේ තුවාල ලැබූයන් බොහෝ දෙනකුගේ තත්ත්වය බරපතල බැවින් මරණ ගණන තවත් ඉහළ යා හැකි බවය. භූමි කම්පාව හටගත්තේ ගිණිකොනදිග ඇෆ්ගනිස්තානයේ කෝස්ට් නගරයට කිලෝ මීටර් 44 ක් දුරින්, කිලෝ මීටර් 51 ක් පොළොව අභ්‍යන්තරයේය.

භූමි කම්පාව, රික්ටර් පරිමාණයේ ඒකකය 6.1 ක් සටහන් කළ බව ඇමෙරිකන් භූ විද්‍යා සමීක්ෂණ ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඇෆ්ගන් තලේබාන් රජය පවසා ඇත්තේ භූමි කම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි සියයකට වැඩි ගණනක් විනාශ වී ඇති බවය.

(රොයිටර්)


RECOMMEND POSTS