ඇෆ්ගන් නගරයක් තලේබාන් ග්‍රහණයේ



ඇෆ්ගනිස්තානයේ නිම්රෝස් පළාතේ සාරාංජි අගනුවර අත්පත් කර ගැනීමට තලේබාන් ත්‍රස්තවාදීන් සමත් වූ බව ඇෆ්ගන් රජය පවසයි.

ඇෆ්ගනිස්තානයේ ප්‍රාදේශීය අගනුවරක් මෙසේ ත්‍රස්තවාදීන් විසින් අල්ලා ගනු ලැබූ පළමු අවස්ථාව ලෙස මෙය සැලකෙයි. නිම්රෝස් පළාත සහ සාරාංජි නගරය පිහිටා ඇත්තේ ඇෆ්ගන් ඉරාන දේශසීමාවේය.

නගරයේ ආරක්ෂාවට ඇෆ්ගන් රජයේ හමුදා නොසිටි බවත්, නගරය පහසුවෙන් තම ග්‍රහණයට නතු කර ගැනීමට තලේබාන් ත්‍රස්තවාදීන් සමත් වුණු බවත් ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS