ඇෆ්ගන් තානාපති ආපසු පාකිස්තානයට

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, ආපසු ගෙන්වා ගත් පාකිස්තනයේ ඇෆ්ගන් තානාපතිවරයා යළි පාකිස්තානයට යැවීමට ඇෆ්ගන් රජය තීරණය කළේය.
ඇෆ්ගනිස්තානයේ තලේබාන් සංවිධානය සහ ඇමෙරිකා නියෝජිතයන් අතර මේ වනවිට සාම සාකච්ඡා පැවැත්වෙයි. එම සාකච්ඡා සාර්ථක වෙමින් පවතින බව ද පැවැසෙයි. තලේබාන් සංවිධානය එම සාකච්ඡා පවත්වන්නේ ඇෆ්ගන් රජය සමඟ සාකච්ඡා පවත්වන්නේ හෝ ඇෆ්ගන් රජයේ නියෝජිතයන් හෝ නොමැතිවය.
තලේබාන්වරුන් සමඟ සාමය ඇති කර ගැනීමට, ඇෆ්ගන් රජය බාධාවක් බවත්, ඇෆ්ගනිස්තානයේ අන්තර්වාර රජයක් තිබිය යුතු බවත් පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ඉකුත් සඳුදා (25) මාධ්‍ය හමුවේ පැහැදිලි කළේය. ඇෆ්ගන් රජයේ උදහසට මෙම ප්‍රකාශය ලක් වුණු අතර, පාකිස්තානයේ ඇෆ්ගන් තානාපති වහා ආපසු ගෙන්වා ගැනීමට ඇෆ්ගනිස්තානය කටයුතු කළේය.
පාකිස්තාන විදේශ කටයුතු අමත්‍යාංශය ඇෆ්ගන් රජය සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් පසු හටගත් සිත් අමනාපකම් පහව ගිය බවත්, තම තානාපතිවරයා යළි පාකිස්තානයට යවන බවත් ඇෆ්ගන් රජය පැවැසීය.
කාබුල්හිදීය (රොයිටර්ස්)

