ඇෆ්ගන් ගුවන් කලාපය උල්ලංඝනය කරලා



ඇමෙරිකාවේ නියමුවන් රහිත ඩ්‍රෝන යානා තම ගුවන් කලාපය උල්ලංඝනය කරනවා යැයි ඇෆ්ගන් තලේබාන් රජය චෝදනා කරයි.

නියමුවන් රහිත මෙම ඩ්‍රෝන යානා දකින්න ලැබී ඇත්තේ දකුණු දිග ඇෆ්ගනිස්තානයේ කන්දහාර් සහ නිම්රෝස් යන ප්‍රාන්තවලට ඉහළ අහසේය.

‘ඇමෙරිකාව ඇෆ්ගන් ගුවන් කලාපයට මේ අයුරින් අනවසරයෙන් පැමිණිම හෝ වෙනත් රටවලට යෑමට ඇෆ්ගන් ගුවන් කලාපය තෝරා ගැනීම කිසිසේත් අනුමත කරන්න බැහැ’ යැයි ඇෆ්ගන් සන්නිවේදන කටයුතු පිළිබඳ ඇමැති සබිහුල්ලා මුජහිද් පවසා ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS