ඇෆ්ගන් කතුන් ගැන තීරණයක් ගනී



ඇෆ්ගන් බාලිකාවන් සහ තරුණියන් සම්බන්ධයෙන් ඇෆ්ගන් තලේබාන් රජය තීරණයක් ගත් බව රජයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සිරායුදීන් හක්කානී පවසා ඇත.

අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසා ඇති අන්දමට, නවතා දැමුණු ද්විතීක බාලිකා පාසල් යළි විවෘත කරන බවත් ෂරියා නීතියට අනුකූලව එම බාලිකාවන්ට අධ්‍යාපනය ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවැසීය.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ ඇමෙරිකාවේ සී.එන්.එන්. නාළිකාව සමග එක් වෙමිනි.

මේ අතර කාන්තා අයිතීන් වෙනුවෙන් තලේබාන් රජයට අභියෝගයක් වූ තරුණියන් සහ කාන්තාවන්ට කිසිදු නිදහසක් ලබා නොදෙන බවත්, ඔවුන් නිවෙස්වලට සීමා කරන බවත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වැඩි දුරටත් පවසා තිබේ.

(එන්.ඩී.ටීවී)


RECOMMEND POSTS