ඇසෑම් ප්‍රාන්තයේ පුරවැසි ලැයිස්තුව අද එළිදකී

ඊසානදිග ඉන්දියාවට අයත් ඇසෑම් ප්‍රාන්තයේ ‘ජාතික පුරවැසි ලැයිස්තුව’ අද (31) එළිදැක්වීමට කටයුතු කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය පවසයි.
ඇසෑම් ප්‍රාන්තයේ පදිංචි වැසියන් ඉන්දියානුවන් ද එසේත් නැතිනම් ‘විදේශිකයන්’ ද යනුවෙන් නිල වශයෙන් තීරණය කිරීම මෙම ලැයිස්තුව හරහා සිදුවනු ඇත. මේ වනවිටත් ඇසෑම් ප්‍රාන්තයේ පදිංචිව සිටින ලක්ෂ 41 ක පිරිසකගේ නම් මෙම ලැයිස්තුවට ඇතුළත් නොවන බව ද පැවැසෙයි. ඒ අනුව, එම පිරිසට උන්හිහිතැන් අහිමිවීමේ අවදානමක් පවතී.
ඇසෑමයේ පළමු වරට ජාතික පුරවැසි ලැයිස්තුවක් සකස් කෙරුණේ 1951 දීය. 1971 මාර්තු 25 වැනිදා, බංග්ලාදේශය බිහිවෙද්දී, ඇසෑමයට පැමිණ පදිංවූවෙන් ‘විදේශිකයන්’ ලෙස සැලකෙයි. ඉන්දීය රජය මෙම වැසියන් හඳුන්වන්නේ ඉන්දියාවට පැමිණි අවසර සංක්‍රමණිකයන් යනුවෙනි.
1951 වසරෙන් පසු දැන් යළිත් වරක් ඉන්දීය අගමැති මෝදිගේ රජය ජාතික පුරවැසි ලැයිස්තුව යවත්කාලීන කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයකට අනුවය.
ජාතික පුරවැසි ලැයිස්තුවට ඇතුළත් නොවන හතලිස් එක් ලක්ෂයක පිරිස අතර සිටින වැඩිදෙනා බෙංගාල හින්දු වැසියන් යැයි ද වාර්තා වේ.
හින්දු වැසියන්ට කිසිදු අසාධාරණයක් සිදු නොවනු ඇති බව පාලක භාරතීය ජනතා පක්ෂය ද සහතික වී ඇත. ඇසෑමයේ බංග්ලාදේශ හින්දු සහ ඇසෑම් හින්දු ආදී වශයෙන් හින්දු වැසියන් දෙවර්ගකි. මුස්ලිම් බහුතරයක් ද හතලිස් එක් ලක්ෂයක පිරිස අතර සිටින බව පැවැසෙයි.
පුරවැසි ලැයිස්තුවට ඇතුළත් නොවන වැසියන්ට අධිකරණ ක්‍රියාමාර්ගවල නියැලීමට දින 60 සිට 120 ක කාලයක් හිමිවනු ඇති බව ඉන්දීය මධ්‍යම රජය පවසා ඇත. ඉන්දීය ස්වදේශ කටයුතු අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ විශේෂ අධිකරණ 100 ක් ප්‍රාන්තය පුරා අලුතින් ආරම්භ කරන බවය. මේ වනවිටත් එවැනි අධිකරණ 200 ක් පිහිටුවා ඇතැයි ද පැවැසෙයි.
පුරවැසි ලැයිස්තුව අද (31) උදෑසන 10 ට ප්‍රසිද්ධියට පත් කරන බව ඇසෑම් බලධාරීන් පවසා තිබේ. ජාතික පුරවැසි ලැයිස්තුව එළිදැක්වීමත් සමඟ ජනතා නොසන්සුන්තා හට ගැනීම වැළැක්වීමට ඇසෑමයේ ගුවහාතී නුවරට විශේෂ පොලිස් සහ හමුදා බළඇණි යොදවා ඇත.
නවදිල්ලි/ගුවහාතී (එන්.ඩී.ටීවී.)

