ඇමෙරිකාවේ වෙළෙඳ ප්‍රමුඛතාව ඉන්දියාවට අහිමි වෙයි



ඉන්දියාවට ඇමෙරිකාව ලබා දී ඇති වෙළෙඤ ප්‍රමුඛතාව ඉවත් කිරීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් තීරණය කර ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

ඒ අනුව, තීරු බදු රහිතව, ඇතැම් ඉන්දීය නිෂ්පාදන ඇමෙරිකාවට යැවීමට ඉන්දියාවට ලැබී තිබුණු අවස්ථාව ගිලිහී යනු ඇත. ඉන්දියාව ඔවුන්ගේ වෙළෙඳපොළ වෙත ප්‍රමාණවත් ප්‍රවේශයක් ඇමෙරිකාවට ලබා දී නොමැති හෙයින්, තමන් මෙම තීරණය ගත්තේ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැහැදිලි කර තිබේ.

ඉන්දියාව පමණක් නොව, තුර්කියට ද ඇමෙරිකාව වෙළෙඳ ප්‍රමුඛතාවක් ලබා දී ඇති අතර, තුර්කියෙන් ද එම වෙළෙඳ ප්‍රමුඛතාව ඉවත් කර ගන්නා බව ජනපති ට්‍රම්ප් වැඩි දුරටත් කියා සිටී. ඒ, තුර්කිය පැහැදිලි සංවර්ධනයක් ලබා ඇති බව පෙන්වා දෙමිනි.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS