ඇමෙරිකාවේ වෙඩි තැබීම්: ජනපති ට්‍රම්ප්ට දොස්

ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ එල් පාසෝ නුවර සහ ඔහියෝ ජනපදයේ ඬේටන් නුවර සිදුවුණු වෙඩි තැබීම් සම්බන්ධයෙන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට දොස් ඇසීමට සිදුවී තිබේ.
වෙඩි තැබීම් කළ තරුණයන් දෙදෙනා දක්ෂිණාංශික අදහස් දරණ සුදු ජාතිකවාදීන් බවත්, ඔවුන්ගේ මෙම ම්ලේච්ඡ බිහිසුණු ක්‍රියාව දේශීය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් ඇමෙරිකන් ආරක්ෂක අංශ කළ පරීක්ෂණවලින් මේවනවිට පැහැදිලි වී අවසන්ය. වෙඩි තැබීම්වලින් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි තැබීම් සිදුවූයේ පැය 24 ක් ඇතුළත එකිනෙකට වෙනස් ස්ථාන දෙකකය.
ටෙක්සාස් ජනපදයේ එල් පාසෝ හි සුපිරි වෙළෙඳ සංකීර්ණයට නඩා වැදී වෙඩි තැබීම් කළේ 21 හැවිරිදි පැටි්රක් කෘසියස් තරුණයාය. පොලිසියට මොහු ජීවග්රහයෙන් අල්ලා ගැනීමට හැකිවිය. වෙඩි තැබීමට සුපිරි වෙළෙඳසැලට කඩා වැදීමට පෙර පැටි්රක් කෘසියස් තමා වෙඩි තැබීම කරන්නේ සුළුජාතිකයන්ගෙන් ඇමෙරිකාවට සිදුවන ආක්‍රමණයට එරෙහිව යැයි පවසමින් විශේෂ ප්‍රකාශයක් අන්තර් ජාලයට මුදා හැර තිබේ.
ඔහියෝ ජනපදයේ ඬේටන් නුවර වෙඩි තැබීම කළේ 24 හැවිරිදි කොනර් බෙට්ස් තරුණයාය. මොහු ඉවක් බවක් නොමැතිව වීදි දිගේ දුවමින් වෙඩි තබන්න විය.
මොහු නෙබ් පෙපර්ස් නමැති තැබෑරුමට ඇතුළු වී වෙඩි තබන්න තැත් කළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් පෙරළා කළ වෙඩි තැබීමකින් කොනර් බෙට්ස් මියගියේය. ඒ වනවිට ඔහු නව දෙනකු මරා දමා තිබුණි. බෙට්ස් ඔහුගේ සොයුරියත් ඇගේ පෙම්වතාත් වෙඩි තබා ඝාතකය කර තිබුණු බව පොලිසිය කළ පරීක්ෂණවලින් පසුව අනාවරණය විය.
වෙඩි තැබීම් හෙළා දකමින්, ජනපති ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කිරීමට ද නියමිතව සිටියේය.
ඊට පෙර මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ජනපතිවරයා කියා සිටියේ වෙඩි තැබීම් කළ තරුණයන් දෙදෙනා මානසික රෝගීන් බවය. ඇමෙරිකාවේ ගිනි අවි ළඟ තබා ගැනීමට අයිතිය ඇති නමුත්, ඒවා උම්මත්තකයන් අතට පත්වීම වැළැක්විය යුතු බවත්, ඒ සම්බන්ධයෙන් තමන් දැඩි නීති ගෙන ඒමට කටයුතු කරන බවත් ජනපති ට්‍රම්ප් පවසා ඇත.
වොෂින්ටනයේදීය (රොයිටර්ස්)

