ඇමෙරිකාවේ වෙඩි තැබීමකින් 11 ක් මරුට



ඇමෙරිකාවේ වර්ජීනියා ජනපදයේ, වර්ජීනියා නගරසභා ශාලාවලට නඩා වැදුණු අයකු කළ වෙඩි තැබීමකින් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. 6 දෙනෙක් තුවාල ලැබූහ.

වෙඩි තැබීම කළ පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් මාධ්‍ය වෙත අනාවරණය කර නැත. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ, නගරසභා ශාලාවේ නිලධාරියකු ලෙස සේවය කළ අයකු බව පොලිසිය කියයි. වෙඩික්කරු ද මියගොස් ඇත.

වෙඩි තැබීම සිදුවී ඇත්තේ ඇමෙරිකාවේ වේලාවෙන් ඊයේ (31) සවස 4 ට පමණ යැයි පොලිසිය කියයි. තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරියෙක් ද සිටී.

(රොයිටර්ස්)


RECOMMEND POSTS