ඇමෙරිකාවේ වයිරස මරණ 114 ට නගී



ඇමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 114 දක්වා ඉහළ ගිය බව වාර්තා විය.

ඇමෙරිකාවේ ජනපද 50 කි. ඒ සෑම ජනපදයකින්ම මේ වනවිට ‘කෝවිඞ් 19’ ආසාදිතයකු හමුවුණැයි ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කළේය.

ඇමෙරිකාවෙන් හමුවී ඇති ‘කෝවිඞ් 19’ නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 6,500 කට අධිකය.

වයිරසය හේතුවෙන් නිව්යෝක් අගනුවර වසා දැමීමට සිදුවනු ඇතැයි නිව්යෝක් පුරපතිවරයා බිය පළ කර තිබේ.

නිව්යෝක් නුවර මේ වනවිට හදිසි තත්ත්වයක් ක්‍රියාත්මක බව ද පැවැසෙයි. ඇමෙරිකාවත් කැනඩාවත් අතර දේශසීමාව ද වසා දමා ඇති බව වාර්තා වේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)

 


RECOMMEND POSTS