ඇමෙරිකාවේ මිචිගන් විශ්ව විද්‍යාලයේ වෙඩි තැබීමක්

ඇමෙරිකාවේ මිචිගන් විශ්ව විද්‍යාලයේ සිදුවුණු වෙඩි තැබීමකින් අට දෙනෙක් තුවාල ලැබූහ. තුවාල ලැබූ එම අට දෙනාගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
වෙස් මුහුණක් පැලැඳි කළු ජාතික තරුණයකු වෙඩි තැබීම කළ බව පොලිසිය පවසයි. වෙඩි තැබීම සිදුවී ඇත්තේ සවස් කාලයේය. වෙඩික්කරු වෙඩි තබා ඇත්තේ විශ්ව විදයාලයේ ‘බර්කි හෝල්’ ශාස්ත්‍ර පීඨයට කඩා වැදීමෙනි.
වෙඩි තැබීම කළ එම තරුණයා පලා යෑමට උත්සාහ ගත් අවස්ථාවේදී, පොලිසිය ඔහුට වෙඩි තැබූ බව ද පැවැසෙයි. තුවක්කුකරු ද බරපතල ලෙස තුවාල ලබා සිටින බව විශ්ව විද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් මෙන්ම පොලිසිය ද පවසා තිබේ.
මිචිගන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් ගණන 50,000 කි. වෙඩි තැබීමේ සිද්ධිය වාර්තා වුණු සැණින් විශ්ව විද්‍යාල ආරක්ෂක අංශය වහා ක්‍රියාත්මක වී ඇත. ඔවුන් නේවාසිකාගාරවල සිසුන්ට දැනුම් දී ඇත්තේ නේවාසිකාගාරවලින් පිටතට නොයන ලෙසය.
වෙඩි තැබීම කළ තැනැත්තාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නැත. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන මේ වනවිට ආරම්භ වී ඇතැයි ද පැවැසෙයි.
(රොයිටර්)

