ඇමෙරිකාවේ පළමු මුස්ලිම් විනිසුරුවරිය ඝාතනය කරලා



ඇමෙරිකාවේ පළමු මුස්ලිම් විනිසුරුවරිය මෙන්ම, නිව්යෝක් ඉහළ අධිකරණකට පත්වුණු පළමු අප්‍රිකානු සම්භවයක් ඇති ඇමෙරිකන් ජාතික විනිසුරුවරිය ද වන ශීලා ඇබ්ඩස් සලාම් ඝාතනයට ලක්ව ඇතැයි ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

65 හැවිරිදි ශීලා ඇබ්ඩස් සලාම්ගේ සිරුර මැන්හැටන්හි හඞ්සන් ගංගාවෙන් සොයා ගත් බව නිව්යෝක් පොලිසිය වැඩි දුරටත් කියා සිටි. විනිසුරුවරියගේ ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි.

මළසිරුර තම බිරියගේ යැයි ශීලා ඇබ්ඩස් සලාම්ගේ සැමියා විසින් හඳුනා ගෙන ඇතැයි ද වාර්තා වේ.

විනිසුරුවරිය අතුරුදන් වුණැයි පොලිසියට පැමිණිල්ලක් ලැබුණේ පෙරේදා (11) ය. ඇමෙරිකාවේ පළමු මුස්ලිම් විනිසුරුවරිය ලෙස ශීලා ඇබ්ඩස් සලාම් එම තනතුරට පත්වූයේ 2013 දීය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS