ඇමෙරිකාවේ දුම්රියක් පීලි පැනලා



ඇමෙරිකාවේ, චිකාගෝ නුවර සිට සියැටල් නුවර තෙක් ධාවනය වෙමින් තිබුණු, 'ඇම්ට්‍රැක්' සමාගමට අයත්මගී දුම්රියක් පීලිපැනීමට ලක් විය.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ පීලි පැනීමට ලක් වෙද්දී දුම්රියේ මගීන් 142 දෙනකු සහ කාර්ය මණ්ඩලසාමාජිකයන් 16 දෙනකු සිටි බවය.

දුම්රිය අනතුරින් 50 දෙනකු තුවාල ලැබූ බවත් තිදෙනකු මරණයට පත් වුණු බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේය.

තුවාල ලැබූවන්ගෙන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ ගණන ඉහළ යා හැකි බවත් ඇමෙරිකන් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබේ.

(බීබීසී)


RECOMMEND POSTS