ඇමෙරිකාවේ ගබ්සා අයිතිය අහිමි කෙරේ



ඇමෙරිකාවේ කාන්තාවන්ට ගබ්සාවක් සිදුකරගැනීම සඳහා තිබූ ව්‍යවස්ථාපිත අයිතිය අහෝසි කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

ඇමෙරිකන් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීරණයත් සමඟ ඇමෙරිකාවේ ප්‍රාන්තවලින් අඩකම ගබ්සාව නීතියෙන් තහනම් කරනු ඇති බවය.

නව නීතිය යටතේ ගබ්සාව තහනම් කෙරුණ ද, ඊට කැමැත්ත පළ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් ඇමෙරිකාවේ ප්‍රාන්ත මට්ටමින් තීන්දු තීරණ ගැනීම ප්‍රාන්ත බලධාරීන්ගේ අභිමතය පරිදි සිදුවනු ඇත.

කෙසේ නමුත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දී ඇත්තේ, ඇමෙරිකාවේ ප්‍රාන්තවලින් වැඩි ගණනක් ගබ්සාව තහනම් කරනු ඇති බවය. මේ වනවිටත් ඇමෙරිකාවෙන් ප්‍රාන්ත 13 ක් ගබ්සාව තහනම් කර තිබේ.

වසර 50 ක් තිස්සේ පැවැති නීතියක් වෙනස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම වරදක් බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. ජෝ බයිඩන් පැහැදිලි කර ඇත්තේ ඇමෙරිකාවේ කාන්තාවන්ට ගබ්සාවක් සිදුකරගැනීම සඳහා තිබූ ව්‍යවස්ථාපිත අයිතියක් තිබිය යුතුය යන්නය.

බයිඩන්ට පෙර ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූ රිපබ්ලිකන් පාක්ෂික ජොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු සම්බන්ධයෙන් සතුට පළ කර තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ දෙවියන් වහන්සේගේ තීන්දුවක් යැයි හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය හමුවේ පවසා තිබේ.

(ඒ.එෆ්.පී.)‍

 


RECOMMEND POSTS