ඇමෙරිකාවේ කොවිඞ් මරණ ලක්ෂ 2 ක් වේවි

‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය දිනෙන් දින ඇමෙරිකාව තුළ ඔඩුදුවමින් පවතින හෙයින් ලබන සැප්තැම්බරය වනවිට ඇමෙරිකාවේ ‘කොවිඞ් 19’ ආසාදිත මරණ දෙලක්ෂය පසු කරනු ඇති බවටත් බිය පළ කෙරේ.
මෙසේ බිය පළ කර ඇත්ාතේ, ඇමෙරිකාවේ හාවඞ් විශ්ව විද්‍යාලයට අනුයුක්ත ගෝලීය සෞඛ්‍ය ආයතනයයි. සැප්තැම්බරය වෙද්දී මරණ ලක්ෂ දෙකක් තෙක් ඉහළ යද්දී ආසාදිතයන් ගණන මිලියන දෙකක් තෙක් වැඩිවනු ඇතැයි ද හාවඞ් විශ්ව විද්‍යාලය පෙන්වා දී තිබේ.
මේ වනවිට ලොව වැඩිම ‘කොවිඞ් 19’ ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. ඇමෙරිකාවේ වයිරසය ඔඩුදුවන්න වූයේ ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ ඇති දුර්වලතා නිසා යැයි චෝදනා එල්ල වෙයි. වයිරසයේ බලපෑම දිනෙන් දින ඉහළ යද්දී පනවා තිබූ තහංචි ලිහිල් කිරීමට ජනපති ට්‍රම්ප් පියවර ගෙන ඇත.
වොෂින්ටනයේදීය (රොයිටර්)

