ඇමෙරිකාවේ ඔහියෝ ජනපදයේත් වෙඩි තැබීමක්



ටෙක්සාස් ජනපදයේ එල් පාසෝ නුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයේ සිදුවුණු වෙඩි තැබීමෙන් පැය කීපයක් ගතවෙද්දී, ඇමෙරිකාවේ ඔහියෝ ජනපදයේ ඬේටන් නගරයේ ද වෙඩි තැබීමක් සිදුවුණු අතර එයින් නව දෙනකු ජීවිතක්ෂයට පත්වී 16 දෙනෙක් තුවාල ලැබූහ.

වෙඩි තැබීම සිදුවූයේ ඔරෙගන් දිස්ත්‍රික්කයේ තැබෑරුමක් තුළදීය. පොලිසිය වඩා කැබෑරුම වැටලූ බවත්, පොලිසිය පෙරළා කළ වෙඩි තැබීමෙන් වෙඩික්කරු මියගිය බවත් ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කර තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS