ඇමෙරිකාවට එරෙහිව රුසියාව චීනය එක්වෙයි



ඇමෙරිකාවේ පසමිතුරුකම්වලට එරෙහිව, අත්වැල් බැඳ ගැනීමට චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ එකඟත්වයක් ඇති කර ගැණුනි.

චීන ජනාධිපතිවරයා සහ රුසියන් ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක් පැවැත්වූයේ, ජනාධිපති පුටින්, චීනයේ බෙයිජීං අගනුවර පැවැත්වෙන ශීත ඔලිම්පික් උළෙලේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙද්දීය.

යුක්රේනය, නේටෝ සංවිධානය සමඟ සමීප ලෙස කටයුතු කිරීමත්, නේටෝවේ සාමාජිකත්වය ඉල්ලා සිටීමත් මුල්කොට ගනිමින් රුසියාවේ විරෝධයක් පවතී. යුක්රේන රුසියා දේශසීමාවේ යුද්ධයකට සූදනමින් රුසියන් සොල්දාදුවන් දහස් ගණනින් රැඳී සිටින්නේ එහෙයිනි.

රුසියන් ජනාධිපති පුටින් පවසන්නේ යුක්රේන ආක්‍රමණය කිරීමේ අදහසක් තමන්ට නොමැති නමුත්, නේටෝ සංවිධානය යුක්රේනය සමඟ සබඳතා වහා අවසන් කළ යුතු බවය. මෙය නේටෝ සංවිධානයේ ප්‍රධාන සාමාජිකයා වන ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් වී තිබේ.

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් යුරෝපා රටවල් මෙන්ම නේටෝ සාමාජිකයන් ද වන ජර්මනිය, පෝලන්තය සහ රොමේනියාවට ඇමෙරිකන් සොල්දුවන් 3,000 ක් යැවීමට කටයුතු කරමින් සිටී.

යුක්රේනය මුල්කොටගත් අර්බුදයේ දී කොන්දේසි විරහිතව චීනයේ සහාය රුසියාවට හිමිවන බවත්, යුක්රේනයට නව සාමාජිකයන් බඳවා ගැනීම නොකළ යුතු බවත් රුසියන් ජනාධිපති පුටින් හමුවිමෙන් පසු චීන ජනාධිපති ෂී ජින්පින් අවධාරණය කළේය. ඇමෙරිකාව ගෝලීය ආරක්ෂාව අකර්මණ්‍ය කිරීමට උත්සාහ ගන්නා බවට චීන ජනාධිපති ෂී ජින්පින් එම අවස්ථාවේදී චෝදනා නැගුවේය.

(රොයිටර්)


RECOMMEND POSTS