ඇමෙරිකාව සංචරණ සීමා ලිහිල් කරයි

ඉන්දීය ඇතුළු රටවල් කිහිපයකට පනවා තිබූ කොවිඩ්-19 සංචරණ සීමා ලිහිල් කිරීමට ඇමෙරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත.
ඇමෙරිකා එක්සත් ජනපදයේ රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානයේ නිර්දේශ මත එලෙස සංචාරක සීමා ලිහිල් කෙරෙන අතර ඊට අදාළව සංචාරක ශ්‍රේණිගත කිරීම් වෙනස් කිරීමට ද තීරණය කර ඇත.
ඒ අනුව ඉහළ තුන්වැනි මට්ටමේ සිට, පහළ පළමු මට්ටම දක්වා සංචාරක සීමා ලිහිල් කරමින් ශ්‍රේණිගත කිරීම් අලුත් කිරීමට රෝග පාලන හා නිවාරණ මධ්‍යස්ථානය නිර්දේශ කර ඇත.
(රොයිටර්)

