ඇමෙරිකාව වෙනිසියුලා තෙල් නැවකට පහර දෙයි

වෙනිසියුලාවට ඔබ්බෙන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් ප්‍රවාහන නෞකාවක් අත්පත් කර ගැනීමට ඇමෙරිකන් නාවික හමුදාව පියවර ගත්තේය. මෙම මෙහෙයුමට නායකත්වය දුන්නේ ඇමෙරිකන් වෙරළාරක්ෂක නිලධාරීන්ය.
ඇමෙරිකන් හමුදා හෙලිකොප්ටර් යානා තෙල් නැව වට කරමින්, වෙඩි තබන අයුරැත්, ඇමෙරිකන් හමුදා සෙබළුන් හෙලිකොප්ටර්වල සිට රැහැන් ආධාරයෙන් නෞකාවට ගොඩවන අයුරැ දැක්වෙන වීඩියෝ දසුන් සහ ඡායාරූප ධවල මන්දිරය මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
වෙනිසියුලව සහ ඇමෙරිකාව අතරේ අර්බුයක් පවතී. ඒ, වෙනිසියුලාවේ ඇමෙරිකන් විරෝධී ප්‍රතිපත්තිය නිසාය. වෙනිසියුලාව, ඇමෙරිකන් සම්බාධක මඟ හැර ඔවුන්ගේ තෙල් ගනුදෙනු සිදු කරන්නේ ඉරානයේ සහාය ඇතිවය. ඉරානය ද වෙනිසියුලාව මෙන්ම ඇමෙරිකාවේ උදහසට ලක් වුණු රාජ්‍යයකි.
මෑත කාලීනව, වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතරේ අර්බුදයක් පවතී. මදුරෝ බලයේ සිටින්නේ 2013 වසරේ සිටය. මදුරෝ සහ ට්‍රම්ප් පරිපාලනය අතරේ අර්බුදයට හේතුව වී ඇත්තේ, වෙනිසියුලාව මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහාය දක්වන බවටත්, ඊට අනුග්‍රහය දක්වන බවටත් චෝදනා එල්ල වීමය.
මදුරෝ එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර, ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, තමන් බලයෙන් නෙරපා දැමීමට කුමන්ත්‍රණය කරනවා යැයි පෙරළා චෝදනා නගයි.
ඇමෙරිකාව සමඟ ගැටුමක් ඇති කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව වෙනිසියුලා ජනාධිපති, ට්‍රම්ප්ට පවසා ඇත. ට්‍රම්ප් සහ මදුරෝ අතරේ පසුගිය දා දුරකතන සංවාදයක් ද පැවැත්විණි. කෙසේ නමුත්, ට්‍රම්ප් පැවැසුවේ එම දුරකතන කතාබහෙන් මදුරෝට කිසිදු වාසියක් අත් නොවුණු බවය.
ඇමෙරිකන් හමුදාව තෙල් නැව අල්ලා ගත්තේ, වෙනිසියුලාවට එරෙහිව හමුදාමය ක්‍රියා මාර්ගයක් අනුගමනය කරන බවට ට්‍රම්ප් තර්ජනය කර ඇති අවස්ථාවකය. තෙල් ප්‍රවාහන නෞකාව ඉරානයට අයත් බව ධවල මන්දිරය පවසා නොමැත.
‘වෙනිසියුලාවට ඔබ්බෙන් මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නැවක් අත්පත් අප කර ගත්තා. ඒක විශාල තෙල් නැවක්. අප අත්පත් කරගත් විශාලතම තෙල් නැව මෙයයි’ යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවක් අතරතුරේ පැවැසීය.

