ඇමෙරිකාව මැදපෙරදිගට ට්රිලියන හයක් වැය කරලා



යටිතල පහසුකම් වර්ධනය සම්බන්ධයෙන් අර්බුද පවතින ඇමෙරිකා එක්සත් ජනපදය මැද පෙරදිග කටයුතු සඳහා ඩොලර් ට්රිලියන හයක මුදලක් වැය කර ඇතැයි කොංග්‍රස් සභාව අමතමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.

“මෙම මුදලින් අපිට අපේ රට දෙවරක් නැවත ගොඩනගන්න තිබුණා” යැයි ද ට්රදම්ප් එහිදි පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම ටිලියන හයක මුදල මෙතෙක් වියදම් කර නැතැයි ජනාධිපති ට්‍රම්ප්ට ඒ සම්බන්ධයෙන් ඇත්තේ වැරැදි අවබෝධයක් යැයි පැවසේ. මෙම ට්රිලියන හයක මුදල ඉදිරි දශක තුනක කාලයක් සඳහා වෙන් කර ඇතැයි ද වාර්තා වේ.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපද මැද පෙරදිග කලාපයේ රටක් වන ඉරාකයේත් දකුණු ආසියානු කලාපයේ රටක් වන ඇෆ්ගනිස්තානයේත් යුද කටයුතු සඳහා 2001 වසරේ සිට 2014 දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලර් ට්රිලියන 1.6ක මුදලක් වැය කර ඇති බව වොෂින්ටන් පෝස්ට් වෙබ් අඩවිය සඳහන් කරයි.

වොෂින්ටන් පෝස්ට් ඇසුරිනි


RECOMMEND POSTS