ඇමෙරිකාව පුරා විරෝධතා



ගිනි අවි පාලනය කරන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ප්‍රමුඛ ඇමෙරිකා රජයට බල කරමින් එරට ජනපද රැසක විරෝධතා රැලි පැවැත් පැවැත්විණි. දස දහස් ගණනක් ඊට එක් වූහ.

විරෝධතා නම් කර තිබුණේ ‘ජීවිත වෙනුවෙන් පෙළ ගැසෙමු’ කියාය. විරෝධතා රැලි සංවිධානය කිරීමෙහිලා මූලිකත්වය ගෙන කටයුතු කළේ ෆ්ලොරීඩාවේ පාක්ලන්ඞ්හි උසස් පාසලේ සිසු සිසුවියන් පිරිසකි.

පසුගිය පෙබරවාරි 14 වැනිදා, උම්මත්තක ගැටවරයෙක්, පාක්ලන්ඞ් උසස් පාසලට කඩා වැදී කළ වෙඩි තැබීම්වලින් 17 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම වෙඩි තැබීමෙන් 15 දෙනෙක් තුවාල ලැබූහ. විරෝධතාව සංවිධානය කළේ එසේ තුවාල ලැබූ සහ වෙඩි ප්‍රහාරයෙන් දිවි බේරාගත් සිසුන්ය.

ඇමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පැවැති රැලියට එක්වුණු ගණන දහ දහසකට ආසන්න යැයි විරෝධතා රැලියේ සංවිධායකයෝ පවසා සිටියහ. විරෝධතාකරුවන් ඇමෙරිකා ජනපති ඇතුළු රජයෙන් ඉල්ලා සිටියේ රටේ ගිනි අවි සම්බන්ධයෙන් නව නීති සකස් කළ යුතු බවත්, පවතින නීති තව තවත් දැඩි කළ යුතු බවත්ය.

(රොයිටර්)


RECOMMEND POSTS