ඇමෙරිකානුවන්ට අනතුරු



චීනයේ සංචාරය කිරීමේදී කල්පනාකාරී වන්නැයි ඇමෙරිකාව සිය ව්‍යාපාරිකයන්ට සහ ආයෝජකයන්ට අනතුරු ඇගවීමක් කර ඇත.

චීනය සහ ඇමෙරිකාව අතර නව අර්බුදයක් නිර්මාණය වී ඇත. එම අර්බුදයට හේතුවක් වූයේ, චීන ‘හුවාවේ’ ජංගම දුරකතන සමාගමේ මූල්‍ය ප්‍රධානියා වැන්ෂූ කැනඩාවේදී අත්අඩංගුවට ගැනීමේ සිදුවීමය.

වැන්ෂූ ‘හුවාවේ’ සමාගමේ මූල්‍ය ප්‍රධානියා පමණක් නොව, හුවාවේ සමාගමේ ප්‍රධානියාගේ දියණිය ද වෙයි.

මේ වනවිට චීන බලධාරීන් මේවනවිට එරටට ඇතුළු වුණු  කැනඩා ජාතිකයන් දෙනෙකු සහ ඇමෙරිකන් ජාතිකයන් සිවුදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පැවැසෙයි.

ඇමෙරිකාව ඉරානයට ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පනවා ඇති අතර, හුවාවේ සමාගම එම සම්බාධක මඟහැර ඉරානය සමඟ ගනුදෙනු කරනවා යැයි ඇමෙරිකාව චෝදනා කරයි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS