ඇමෙරිකා රාජ්‍ය ලේකම් පාකිස්තාන සංචාරයක

ආසියානු කලාපයේ සංචාරයක් අතරතුරේ තමන් පාකිස්තානයට පැමිණ පාකිස්තාන නව අගමැති ඉම්රාන් ඛාන් හමුවී සාකච්ඡා පවත්වන බව ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ කියයි.
පාකිස්තාන අගමැති ලෙස නවාස් ෂරීෆ් කටයුතු කරද්දී, පාකිස්තානය සහ ඇමෙරිකාව අතර අර්බුද පැවැතිණි. ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය චෝදනා නගන්නේ, පාකිස්තානය ත්රස්තවාදවය අනුග්‍රහය දක්වන රාජ්‍යයක් කියාය.
මේ චෝදනා මුල්කොට ගනිමින්, පාකිස්තානයට ලබා දෙන මූල්‍ය ආධාර කප්පාදු කිරීමටත්, ලබා දෙන හමුදා පුහුණු කටයුතු නැවැත්වීමටත් ඇමෙරිකාව පියවර ගත්තේය.
(එන්.ඩී.ටීවී.)

