ඇමෙරිකා යාත්‍රා ගැන විමසිල්ලෙන්

තායිවාන සමුද්‍ර සන්ද්‍රිය හරහා යාත්‍රා කරමින් තිබෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ නාවික හමුදාවට අයත් යාත්‍රා නිරීක්ෂණය කරන බව චීන සන්නද්ධ හමුදා ප්‍රකාශ කළේ ය.
මේ සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවන බවත් යම් ආකාරයක කුපිත කිරීමක් සිදු වුවහොත් එය පරාජය කිරීමට සූදානම් බවත් චීන හමුදා පැවැසීය.
තායිවාන සමුද්‍ර සන්ධිය හරහා ජාත්‍යන්තර මුහුදෙන් මෙම යාත්‍රා ගමන් කරනු ඇතැයි ද වාර්තා වේ.
ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවට අයත් මිසයිල රැගත් යු.එස්.එස්. ඇන්ටියැටම් සහ යු.එස්.එස්. චාන්සලර්ස්විල් යන යාත්ර මෙලෙස යාත්‍රා කිරීමට නියමිත බවත් ඔවුන් ජාත්‍යන්තර නීතිය අනුව කටයුතු කරන බවත් ඇමෙරිකානු වාර්තා සඳහන් කළේ ය.
(රොයිටර්)

